previous arrow
next arrow
PlayPause
Slider

අධ්‍යක්ෂකතුමියගේ පණිවිඩය

පෝෂණ අංශයේ නිල වෙබ්අඩවියට සාදරයෙන් පිළිගනිමි. අප ආයතනය, සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ විෂයපථය තුල කේන්ද්‍රීය ලක්ෂය ලෙස කටයුතු කරන අතර විවිධ අමාත්‍යංශ අතර හෝ වෙනත් විවිධ අංශ අතර පෝෂණය සම්බන්ධ ව්‍යාපෘති වලදී සම්බන්ධීකරණය සිදුකරයි. තවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ ආයතන සමඟද, රාජ්‍ය නොවන සංවිධාන සමඟද එක්ව කටයුතු කරයි.

පෝෂණ අංශය වන අපගේ උපරිම ශක්තිය යොදවන්නේ ශ්‍රී ලංකාව පෝෂිත දේශයක් කරා ගෙනයාමටයි. එහි එක් අංගයක් ලෙස අප ආයතනය සඳහා නිල වෙබ්අඩවියක අවශ්‍යතාවය දිගුකලක සිට පැවතුනි. එසේනම් මින් ඉදිරියට පෝෂණය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අපගේ වෙබ්අඩවිය භාවිතා කරනමෙන් සතුටින් දැනුම්දෙමි.

පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතේ ඇති විවිධ අංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන පෝෂණ ව්‍යාපෘතීන් සම්බන්ධීකරනය කරන අතරම, වෙනත් අමාත්‍යංශ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මගින් සිදුකරන පෝෂණ ව්‍යාපෘතින්ද සම්බන්ධීකරනය කීරීම සිදුකරයි. සම්බන්ධීකරණය යනු සැලසුම් කීරීම, සංවිධානය කීරීම, ක්‍රියාත්මක කීරීම, අධීක්ෂණය කීරීම සහ ඇගයීම යන සියළු අංග එකතුව සිදුවන අඛන්ඩ කළමනාකරණ ක්‍රියාවලියකි. පෝෂණ අංශයේ අභිප්‍රාය වන්නේ පෝෂණය සම්බන්ධ ක්‍රියාකාරම් සියල්ල එකතුකොට ගෙන පෝෂණය ආශ්‍රිත ස්ථිරසාර සංවර්ධන ඉලක්ක මුදුන්පත් කර ගැනීමයි.