Menu

FBDG 10

ක්‍රියාශීලි වන්න : අවම වශයෙන් සතියකට මිනිත්තු 150 – 300  ක් අතර කාලයක් මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුතු ව්‍යායාම වල නිරත වන්න

නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම මගින් සමස්තක් ලෙස සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවන අතර ඕනෑම වයස් කාණ්ඩයකදී ඇති විය හැකි බොහෝ සෞඛ්‍ය ගැටළු සඳහා ඇති අවදානම අඩු කරයි. කිසියම් හෝ ශාරීරික ක්‍රියාකාරකමක නිරත වීම කිසිදු ක්‍රියාකාරිකමක නිරත නොවීමට වඩා යහපත් වන අතර වැඩිපුර ශාරීරික ක්‍රියාකාරකම් කිරීම වඩාත් සුදුසු වේ. ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම ශාරීරික මෙන්ම මානසික සුවය ගෙන දේ.

  • සියලුම ශාරීරික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් ඇත. ක්‍රිඩාවේ, විවේකයේ, රැකියාවේ හෝ ප්‍රවාහනයේ කොටසක් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් සිදු කළ හැකිය.
  • මාංශ පේශි ශක්තිමත් කිරීම සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ගෙනදේ. එය සමබරතාවය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කරන අතර වයසින් වැඩි වීමත් සමඟ ඇතිවන මාංශ පේශි ක්ෂය වීමේ රෝගී තත්ත්වය ( සාර්කෝපීනියා) වළක්වයි.
  • සතියකට මිනිත්තු 150 සිට 300 දක්වා මධ්‍යස්ථ ස්වායු ව්‍යායාම වල නිරත වන්න. සතියට දින 2ක්  මාංශ පේශි ශක්තිමත් කිරීමේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න.
  • ක්‍රියාශීලි නොවන කාලය, විශේෂයෙන්ම ඩිජිටල් තිරයන් නරඹන කාලය සීමා කරන්න.
  • නිර්දේශිත සීමාවන් තුළ සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් සහ ඉණ වට ප්‍රමාණයක්  පවත්වා ගන්න.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න