Menu

FBDG 11

දිනකට එක දිගට පැය 7-8 ක වත් නින්දක් ලබාගන්න.

නින්ද යනු පාරිසරික උත්තේජක සඳහා (අවට පරිසරයේ සිදුවන දේ පිළිබඳ) ශරීරයේ දැනුවත්භාවය පහළ මට්ටමක පවතින අවස්ථාවක් වන අතර, එය ශාරීරික හා මානසික යහපැවැත්ම සහතික කරයි.

  • හොඳ නින්දක් ලබා ගැනීම සඳහා ඔබගේ දෛනික කටයුතු හා නිදා ගැනීමේ කාල රාමුව නිසි ලෙස සකසා ගන්න.
  • ආහාර ගත් විගස නින්දට යාමෙන් වලකින්න.
  • අවම වශයෙන්, නිදා ගැනීමට පැයකට කලින්වත් ඩිජිටල් තිර නැරඹීම නතර කරන්න.
  • සවස් කාලයේදී මත්පැන් පානය, දුම්බීම හා කැෆෙන් සහිත පාන වර්ග ගැනීමෙන් වලකින්න.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න