Menu

FBDG 12

පිරිසිදු සහ වස විස නැති ආරක්‍ෂිත ආහාර කෑමට ගන්න

පරිභෝජනය සඳහා ගන්නා ආහාර පිරිසිදු සහ ආරක්ෂාකාරී විය යුතුයි.  ආහාර දූෂණය සහ එහි හානිකර සෞඛ්‍ය ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා ආහාර තෝරා ගැනීමේදී, ගබඩා කිරීමේදී සහ සකස් කිරීමේදී ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

  • හැකි සෑම විටම තමාගේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු සහ පලතුරු කාබනික පොහොර යොදා තම ගෙවත්තේම වගා කර ගන්න.
  • පිසූ ආහාර පැය දෙකකට වඩා කාමර උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.
  • පිසූ ආහාර ශීතකරණයේ වුවත් දිගු කාලයක් ගබඩා කිරීම ද නොකළ යුතුයි.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න