Menu

FBDG 13

නැවුම් හා නිවසේදීම පිළියෙළ කර ගත් ආහාර කෑමට ගන්න: සැකසූ හා අතිසැකසු (processed and ultra processed) ආහාර සීමා කරන්න

ලුණු, සීනි සහ අහිතකර මේදය (සංතෘප්ත සහ ට්‍රාන්ස් මේදය) අඩුවෙන් එක් කරමින්, නැවුම් ද්‍රව්‍ය යොදා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර නිවසේදීම පිළියෙළ කල හැකිය. තම මනාපය අනුව ව්‍යංජන, සුප්, මැල්ලුම්, අච්චාරු, බීම හා අතුරුපස ලෙස විවිධ ආකාරයෙන් මේවා සකස් කර ගැනීමට ද හැකිය.

  • හැකි සෑම විටම ස්වභාවික අමුද්‍රව්‍ය (උදා: කුළුබඩු, දෙහි යුෂ, ඔසු පැළෑටි ) යොදා ගෙන ආහාර පිළියෙළ කිරීමත් කෘතීම ආකලන යෙදීමෙන් වැළකීමත් අවශ්‍යය.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න