Menu

FBDG 14

කෑම ඇසුරුම් වල ඇති ලේබල හැම විටම කියවන්න

ඇසුරුම් කළ ආහාර මිල දී ගන්නේ නම්, සෑම විටම අඩංගු අමුද්‍රව්‍ය, පෝෂක අගයන්, කල් ඉකුත්වන දිනය සහ ගබඩා කිරීම සහ සකස් කිරීම සඳහා උපදෙස් පිලිබඳ දැනුවත් වීම සඳහා එහි ඇති ලේබලය කියවන්න.  එකම ආහාර වර්ගයේ විවිධ වෙළඳ නාම සැසඳීමෙන් වඩා හොඳ නිෂ්පාදනය තෝරාගැනීමට හැකිවේ.

  • ඝන සහ අර්ධ ඝන ආහාරවල මේදය, ලුණු සහ සීනි ප්‍රමාණය දැනගැනීම සඳහා වර්ණ කේත ක්‍රමය අනුගමනය කරන්න.
  • සැඟවුණු අහිතකර අන්තර්ගතයන් පිළිබඳ දැන ගැනීමට, පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් හෝ එකතු කරන ලද රසායනිකයන් සහ තෙල්, සීනි ලුණු ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු ලේබලයෙන් පරීක්ෂා කරන්න.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න