Menu

FBDG 4

සෑම ආහාර වේලකටම පියළි ඇට වර්ගයක් සමඟ, මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කල මස් එකතු කරගන්න

පියලි ඇට, මාළු, බිත්තර, තෙල් කොටස් ඉවත් කළ මස්  අපගේ අහාරයේ ප්‍රධාන ප්‍රෝටීන ප්‍රභවයන් වේ. මේ සෑම ආහාර ප්‍රභවයක්ම  විටමින් සහ ඛනිජ ලවණ වලින් ද පොහොසත්ය.  ශරීරය තුල සංස්ලේෂණය කළ නොහැකි සියළුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වන බැවින් සත්ව ප්‍රෝටීන් ප්‍රභවයන් ගුණාත්මකබවින් ඉහළ ප්‍රෝටීන වේ.

  • විවිධ පියලි ඇට වර්ග සහ ඒවා ධාන්‍ය සමග මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල ලබා ගැනීමට හැකිවේ.
  • නිරෝගී වැඩිහිටියකුට, පිසූ පියලි ඇට වර්ග ‘ආහාර ප්‍රමාණ’ 3 – 5 ක් (ආහාර ප්‍රමාණ 1 = මේස හැඳි 9 -15 ක් හෝ කෝප්ප 1 ½ -2 ½  ) තම ස්ත්‍රී /පුරුෂ භාවය, ශාරීරික ක්‍රියාකාරී මට්ටම සහ කායික තත්වය අනුව ගත හැකිය.
  • මාළු හෝ තෙල් කොටස් ඉවත් කල මස් ‘ආහාර ප්‍රමාණ’ 2 - 4ක් (ආහාර ප්‍රමාණ 1 = ගිනි පෙට්ටි 1ක්) තම ස්ත්‍රී /පුරුෂ භාවය, ශාරීරික ක්‍රියාකාරී මට්ටම සහ කායික තත්වය අනුව ගත හැකිය.
  • තෙල් සහිත මාළු වල සෞඛ්‍ය සම්පන්න මේද අම්ල (ඔමේගා 3 සහ 6) අඩංගු වන අතර කටු සමඟ ආහාරයට ගන්නා කුඩා මාළු කැල්සියම් සහ පොස්පරස් වලින් පොහොසත් වේ.
  • මාළු, කුකුල් මස් සහ තෙල් කොටස් ඉවත් කල මස්, තෙල් සහිත මස් හා පිරිසැකසු මස් වලට වඩා වඩා සෞඛ්‍ය සම්පන්න ප්‍රෝටීන් ප්‍රභවයන් වේ.
  • දරුවන්ට සහ නිරෝගී වැඩිහිටියන්ට සෑම දිනකම බිත්තරයක් ආහාරයට ගත හැකිය. අනෙක් අයට වෛද්‍ය උපදෙස් අනුව බිත්තර සුදු මදය දිනපතා හෝ සම්පූර්ණ බිත්තරයක් සතියකට කිහිප වතාවක් ආහාරයට ගත හැකිය.
  • රෝගී තත්වයන්හිදී සහ යම් ආතතියකදී ප්‍රෝටීන අවශ්‍යතාවය වැඩි වන බැවින් අසනීප තත්ත්වයන්හී දී වැඩිපුර ප්‍රෝටීන සහිත ආහාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න