Menu

FBDG 6

කජු, රටකජු වැනි ඇට හෝ තල වැනි තෙල් සහිත ඇට වර්ග අහුරක් දිනපතා ආහාරයට ගන්න

සෑම දෙනාගේම ආහාරයේ මද්‍යස්ථ මේද ප්‍රමාණයක් තිබීම අවශ්‍ය වේ.

  • කජු, රටකජු, කොට්ටං, වට්ටක්කා ඇට, තල සහ අලිගැට පේර ආහාරයට ගැනීමෙන් දෛනික අසංතෘප්ත මේද අවශ්‍යතාවය සපුරා ගත හැකිය.
  • රටකජු වැනි තෙල් සහිත ඇට වර්ග අහුරක් (ග්‍රෑම් 30 ක් පමණ) දිනපතා ආහාරයට ගැනීමෙන් හිතකර මේද වර්ගයක් වන ඒක අසංතෘප්ත මේද අම්ල අවශ්‍ය ප්‍රමාණය ලබා ගත හැකිය.
  • ගා ගත් පොල්, පොල් කිරි සහ තෙල් ශ්‍රී ලාංකීය ආහාර වේලෙහි බහුලව භාවිතා වන මේද ප්‍රභව වේ.
  • පස් දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලකට;

- මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩියකින් ලබා ගත් කිරි හෝ,

- මධ්‍යම ප්‍රමාණයේ පොල් ගෙඩි බාගයකින්  ගාන ලද පොල් සහ,

- දිනකට පොල් තෙල් තේ හැඳි 1-3 දක්වා ප්‍රමාණයක් භාවිතා කළ හැක.

  • දරුවන්ගේ, නව යොවුන් වියේ පසුවන ළමයින්ගේ, ගැබිණි සහ මව්කිරි දෙන මව්වරුන්ගේ ආහාර වේලෙහි අඩංගු ශක්ති ප්‍රමාණය වැඩි කිරීම සඳහා ආහාරයට පොල් සහ පොල් කිරි  එකතු කළ හැක.
  • ගා ගත් පොල් වල, පොල් කිරි සහ තෙල්වලට වඩා තන්තු අඩංගු බැවින් පරිභෝජනයට වඩාත් සුදුසුය.
  • පොල් තෙල්වල ප්‍රධාන වශයෙන් සෞඛ්‍යට අහිතකර සංතෘප්ත මේද අම්ල අඩංගු වුවද ට්‍රාන්ස් මේදය සෑදීමේ අවදානම අඩුය. එම නිසා ගැඹුරු තෙලේ බැදීම සඳහා පොල් තෙල් වඩාත් සුදුසු වේ.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න