Menu

FBDG 7

කෑමට ලුණු එකතු කර ගැනීම හා ලුණු වැඩි කෑම ගැනීම සීමාකරන්න

දිනකට එක් පුද්ගලයෙකුගේ පරිභෝජනය සඳහා නිර්දේශ කර ඇත්තේ තේ හැන්දකට වඩා අඩු අයඩීකරණය කළ ලුණු ප්‍රමාණයකි. වර්තමානයේ ශ්‍රී ලාංකිකයන්ගේ ලුණු පරිභෝජනය මෙම නිර්දේශිත ප්‍රමාණය ඉක්මවා යයි.  ලුණු රසය ඇබ්බැහි කාරකයක් වන අතර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරයි.

  • කෑම මේසයේදී කෑමට ලුණු එක් කිරීම සහ බත් පිසීමේදී ලුණු එක කිරීමෙන් වැළකිය යුතුය.
  • ආහාර වල රසය වැඩි කිරීම සඳහා සෝඩියම් බහුල ලුණු සහ කෘතිම රසකාරක (උදා: අජිනමොටෝ, සුප් කැට) වෙනුවට කුළුබඩු, සුදුළූණු සහ දෙහි/ලෙමන් යුෂ ආදිය භාවිතා කළ හැකිය.
  • පොටෑසියම් අඩංගු ආහාර පරිභෝජනය වැඩි කිරීම (උදා: පලතුරු සහ එළවළු) සහ ලුණු (සෝඩියම්) ආහාරයට ගැනීම අඩු කිරීම සෞඛ්‍ය සම්පන්න රුධිර පීඩන මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වේ.
  • නැවුම් මාළු, තෙල් කොටස් ඉවත් කළ මස්, ලුණු දැමූ ටින් කළ හෝ වෙනත් සැකසූ නිෂ්පාදන (උදා: අච්චාරු, ලුණු දෙහි, සෝස්, සෝඩියම් අධික ලුණු සහිත කෙටි ආහාර) වලට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර වේ.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න