Menu

FBDG 8

පැණිබීම, බිස්කට්, කේක්, රසකැවිලි සහ සීනි ආදේශක සීමා කරන්න

සීනි ඇබ්බැහි වීමකි. ආහාර පානවලට එකතු කරන සීනි (එදිනෙදා භාවිතයට ගන්නා සීනි /සුක්‍රෝස්) වෙනත් පෝෂ්‍ය පදාර්ථ නොමැති හිස් කැලරි පමණක් සපයයි. පරිභෝජනය කරන පිටි සහිත ආහාර ද ශරීරයේ දී  සරල සීනි බවට පරිවර්තනය වේ.  සීනි අධික ලෙස පරිභෝජනය ප්‍රදාහයන් සහ වෙනත් බෝ නොවන රෝග ඇති කිරීමට හේතුවේ.

  • සීනි සහ සීනි එකතු කළ ආහාර නිර්දේශිත ප්‍රමාණයට (දිනකට තේ හැඳි 6කට වඩා අඩුවෙන්) පරිභෝජනය සීමා කිරීම අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල වළක්වා ගැනීමට උපකාරී වේ.
  • එකතු කල සීනි රසය වෙනුවට ආහාරවල ඇති ස්වභාවික රසය (සම්පූර්ණ පලතුරු / කපන ලද පලතුරු) විඳීමට හුරු වීම වැදගත් වේ.
  • ළදරුවන් සහ කුඩා ළමුන්ගේ ආහාර සඳහා සීනි හෝ ස්වාභාවික සීනි ආදේශක (උදා: හකුරු, පැණි ) එකතු කිරීමෙන් වැළකිය යුතුය.
  • සීනි එකතු කිරීම ක්‍රමයෙන් අඩු කිරීමෙන් වැඩිහිටියන්ගේ සිනී පරිභෝජනය අඩු කල හැකිය.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න