Menu

FBDG 1

වර්ණවත් හා විවිධත්වයෙන් යුතු ආහාර නියමිත ප්රමාණ වලින් දිනපතා ගන්න

සෞඛ්‍යමත් ජීවන රටාවක් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ලෙස ධාන්‍ය වර්ග, විවිධ වර්ණවලින් යුත් සියලු වර්ගවල එළවළු (උදා: කොළ, රතු, කහ සහ තැඹිලි), පලා වර්ග, පලතුරු, පියළි ඇට වර්ග, සත්ත්වමය ආහාර (මාළු, මුහුදු ආහාර, බිත්තර, තෙල් කොටස් ඉවත් කළ මස්) සහ තෙල් සහිත ඇට වර්ග සහ බීජ අයත් වේ.  මෙම සමහර ආහාර කුළු බඩු සහ ඖෂධ පැළෑටි සමඟ එක්ව ගත් කල ඒවායේ පෝෂණ අගය ඉක්මවා සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දෙන ක්‍රියාකාරී ගුණයන් ද දරයි.

  • ජීවිත කාලය පුරාම, ආහාර නිර්දේශයන්ට අනුව පුද්ගල රුචිකත්වයන් සහ සංස්කෘතික සම්ප්‍රදායන් ට අනුකූල වන ලෙස සකසා ගත් පෝෂ්‍ය ගුණයෙන් අනුන ආහාර තෝරා ගැනීම අතිශය වැදගත් වේ.
  • සතිය පුරා විවිධත්වයෙන් යුතු ආහාර ගැනීම නිර්දේශ කෙරේ. අල වර්ග, දෙල් සහ කොස් වැනි පිෂ්ඨමය ආහාර, නැවුම් දියර කිරි සහ ඒවායේ මුහුන් යොදා මුදවන ලද  නිෂ්පාදන (උදා: මුදවපු කිරි, යෝගට්) ඔබේ ආහාර වේලට විවිධත්වයක් එක් කිරීමට රුචිකත්වය අනුව ආහාරයට ගත හැකිය.
  • විවිධ රසයන්, වයනයන් සහ වර්ණයන්ගෙන් යුතු ස්වභාවික ආහාර මගින් රසය, පෝෂණ ගුණය සහ ආහාර රුචිය වැඩි දියුණු කරයි.
  • අවශ්‍ය නම්, ප්‍රධාන ආහාර වේල් 2ක් අතර සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේලක් (උදා: පලතුරක්, තම්බන ලද බඩ ඉරිඟු කරලක්) පරිභෝජනය කළ හැක.

 

உடல் திணிவுச் சுட்டி (BMI) என்றால் என்ன? உடல் திணிவுச் சுட்டி (BMI) என்பது உங்களது உயரம் மற்றும் நிறையைப் பயன்படுத்தும், உங்களது உடல் நிறை ஆரோக்கியமானதா என்பதைக் அளவிடும் அளவீடாகும். வளர்ந்த நபரின் கிலோ கிராமினாலான உடல் நிறையை, மீற்றர் வர்க்கத்திலான உயரத்தினால் வகுப்பதால் BMI கணிக்கப்படுகின்றது. உதாரணமாக, ஒரு BMI 25 என்பது 25kg/m2 என்பதைக் குறிக்கின்றது. மேலும் வாசிக்க