ප්‍රජා වැඩසටහන් සිට නිරීක්ෂණ හා සැලසුම් දක්වා අංශයේ කාර්යභාරය විශේෂඥ ඒකක හතරක් ඉදිරියට ගෙන යයි.
මාතෘ හා ළමා පෝෂණය, වර්ධන නිරීක්ෂණය, ක්ෂුද්‍ර පෝෂක අතිරේක ලබාදීම සහ ජාතික පෝෂණ මාසය ඇතුළුව දිවයින පුරා ප්‍රජාවන් හරහා පෝෂණ වැඩසටහන් හා මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සැලසුම් කර ක්‍රියාත්මක කරයි.
රෝහල්වල සායනික පෝෂණ සේවා ශක්තිමත් කරන අතර හදිසි අවස්ථා හා ආපදා අවස්ථාවලදී පෝෂණ මැදිහත්වීම්/ පෝෂණ කළමනාකරණය ප්‍රතිචාරය මෙහෙයවමින්, අවදානම් කණ්ඩායම් ආරක්ෂා කරයි.
දිස්ත්‍රික් මට්ටමින් බහු අංශ පෝෂණ සැලසුම් සම්බන්ධීකරණය කරමින්, ජාතික ප්‍රමුඛතාවලට අනුගත ප්‍රාදේශීය පෝෂණ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමට හා නිරීක්ෂණයට දිස්ත්‍රික් කණ්ඩායම්වලට සහාය වේ.
පෝෂණ නිරීක්ෂණ පවත්වාගෙන යමින්, දත්ත කළමනාකරණය කරමින්, අංශය පුරා ප්‍රතිපත්ති, සැලසුම් හා වැඩසටහන් තීරණ සඳහා පදනම වන සංඛ්‍යාලේඛන හා සාක්ෂි නිපදවයි.