පෝෂණය අංශය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු!
සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩ නැගීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රට පුරා දියත් කරන පෝෂණ වැඩසටහන් සම්බන්ධීකරණ කරනු ලබන්නේ, පෝෂණ අංශය මගිනි. අනෙකුත් අදාළ අමාත්‍යාංශ, ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම අංශය විසින් රට පුරා පෝෂණ වැඩසටහන් පවත්වනු ලබයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමෙහිලා ඉවහල් වන ජාතික පෝෂණ ප්‍රතිපත්තිය හා ඊට අදාළ උපායමාර්ග මෙන්ම, ඒ සඳහා වන මාර්ගෝපදේශ සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම අංශයේ ප්‍රමුඛ වගකීම් වේ. පෝෂණමය වශයෙන් ශක්තිමත් රටක් ගොඩ නැංවීම සඳහා සඳහා ලාංකික පුරවැසියන් හට සහය සැලසීමට පෝෂණ අංශය නිරතුරුවම ඇපකැප වී කටයුතු කරයි.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය 2022
2022 ජූනි 7 වන දින ලෝක ආහාර සුරක්ෂිතතා දිනය යෙදී ඇත. මෙවර, ආහාර මගින් ඇතිවන අවදානම වැළැක්වීම, හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම සහ මානව සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා අවධානය යොමු කර ක්‍රියාමාර්ග ගැනීම මූලික අරමුණ වේ.
https://www.who.int/campaigns/world-food-safety-day/2022
ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ
සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හා ජීවන රටාවන් වැඩි දියුණු කිරීම පිණිස, ප්‍රජාවේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් සාක්ෂි මත පදනම් ව සංස්කෘතික වශයෙන් යෝග්‍ය ලෙස ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සමුහයකි.
- වර්ණවත් හා විවිධත්වයෙන් යුතු ආහාර නියමිත ප්‍රමාණ වලින් දිනපතා ගන්න.
- පාහින ලද ධාන්‍ය හා නිෂ්පාදන වෙනුවටතැම්බූ හෝ නිවුඩු සහිත සහල් ඇතුළු කුරුට්ට සහිත ධාන්‍ය හා නිෂ්පාදන ආහාරයට ගන්න.
- දිනකට අවම වශයෙන් එළවළු වර්ග 2 ක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග 2 ක් ආහාරයට ගන්න.
- සෑම ආහාර වේලකටම පියළි ඇට වර්ගයක් සමඟ මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කළ මස් එකතු කරගන්න.
- නැවුම් දියර කිරි හෝ එවායේ මුහුන් යොදා මුදවන ලද නිෂ්පාදන ආහාරයට ගන්න.
- කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට හෝ බීජ වර්ග අහුරක් දිනපතා ආහාරයට ගන්න.
- කෑමට ලුණු එකතු කර ගැනීම හා ලුණු වැඩි කෑම ගැනීම සීමා කරන්න.
- පැණිබීම, බිස්කට්, කේක්, රසකැවිලි සහ සීනි ආදේශක සීමා කරන්න.
- වතුර සෞඛ්‍ය සම්පන්නම පානයයි: දවස පුරා වතුර වීදුරු 8 සිට 10 දක්වා (ලීටර් 5-2.0) පානය කරන්න.
- ක්‍රියාශීලී වන්න : අවම වශයෙන් සතියකට මිනිත්තු 150 – 300 අතර කාලයක් මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුතු ව්‍යායාම වල යෙදෙන්න.
- දිනකට එක දිගට පැය 7-8 ක වත් නින්දක් ලබාගන්න.
- පිරිසුදු සහ වස විස නැති ආරක්ෂිත ආහාර කෑමට ගන්න.
- නැවුම් හා නිවසේදීම පිළියෙළ කර ගත් ආහාර කෑමට ගන්න : සැකසූ හා අතිසැකසු (processed and ultra-processed) ආහාර සීමා කරන්න.
- කෑම ඇසුරුම් වල ඇති ලේබල හැමවිටම කියවන්න.
ඉදිරි වැඩසටහන්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ඉදිරි වැඩසටහන්

ජාතික පෝෂණ මාසය 2021
පවුල් සෞඛ්‍ය කාර්යංශය, ද සේරම් පෙදෙස, කොළඹ- අවසන්
-
ස්ථානයශ්රවණාගාරය, පවුල් සෞඛ්‍ය කාර්යංශය
2021 පෝෂණ මාසය “නිසි පෝෂණයෙන් රැකවරණය” යන තේමාවෙන් පැවැත්වේ. COVID 19 වසංගත සමයේ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් නිසි පෝෂණයක් ලැබීම අවධාරණය කරයි. ...
වැඩිදුර කියවන්න
ආරම්භක වෙබ් අඩවිය දියත් කිරීම
බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම. බෞද්ධෝකා මාවත, කොළඹ 07- අවසන්
-
ස්ථානයBMICH
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය පෝෂණ අංශයයි. අපගේ වෙබ් අඩවිය දියත් කිරීම 2020 දෙසැම්බර් 10.... ...
වැඩිදුර කියවන්න
ජාතික පෝෂණ ප්‍රතිපත්තිය
- අවසන්
-
ස්ථානය
විවිධාංගීකරණය වූ සුරක්ෂිත ආහාර ප්‍රමාණවත් ලෙස දිනපතා භාවිතා කිරීමත් සමඟ ජනගහනයේ ආහාර අවශ්‍යතා සපුරාලීම තුළින් රටේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ළඟා කර ගත යුතුය ... ...
වැඩිදුර කියවන්න
වැඩිහිටි පෝෂණය
- අවසන්
-
ස්ථානය
“නේවාසික රැකවරණය සඳහා වන ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිති”, “වැඩිහිටි පුද්ගලයින් සඳහා නේවාසික රැකවරණය සඳහා ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිති ක්‍රියාත්මක ... ...
වැඩිදුර කියවන්න