Menu

"ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" එළිදැක්වීම

- Get directions

ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 – 2030″ එළිදැක්වීම

සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා “ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 – 2030” සම්පාදනය කර ඇත.  මෙය 2010 වසරේ නිකුත් කල ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ සංශෝධිත පිටපත වන අතර, එය 2020 – 2030 දශකය සඳහා යෝජිත ප්‍රතිපත්ති හා ක්‍රියාමාරග වලින් සමන්ව්තය.

මෙම සංශෝධිත ප්‍රතිපත්තිය, සියලුම බහු ආංශික සහයෝගිතාවයෙන් සහ හවුල්කාරිත්වයෙන් සම්පාදනය කර ඇත.  මෙය සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ තත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමටත්, ආහාර සුරක්ෂිතතාවය සුරැකීමටත්, ආරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, සදාචාරී විරෝධී අලෙවිකරණය වැලක්වීමටත්, හදිසි අවස්ථා වලදී පෝෂණ ප්‍රවර්ධනය ඇතුළුව සෑම අවස්ථාවකදීම ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය පිණිස අත්‍යාවශ්‍ය උපායමාර්ගික සැලසුම් හා ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.

මෙම ජාතික පෝෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 මැයි මස 03 දින පෙ.ව.9.30 – ප.ව.1.30 දක්වා, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.

 

 

 

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න