Menu

පෝෂණය අංශය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු!

සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩ නැගීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය  විසින් රට පුරා දියත් කරන පෝෂණ වැඩසටහන් සම්බන්ධීකරණ කරනු ලබන්නේ, පෝෂණ අංශය  මගිනි. අනෙකුත් අදාළ අමාත්‍යාංශ,  ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින්  මෙම අංශය විසින් රට පුරා පෝෂණ වැඩසටහන් පවත්වනු ලබයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමෙහිලා ඉවහල් වන ජාතික පෝෂණ ප්‍රතිපත්තිය හා ඊට අදාළ උපායමාර්ග මෙන්ම, ඒ සඳහා වන මාර්ගෝපදේශ සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම අංශයේ ප්‍රමුඛ වගකීම් වේ. පෝෂණමය වශයෙන් ශක්තිමත් රටක් ගොඩ නැංවීම සඳහා සඳහා ලාංකික පුරවැසියන් හට සහය සැලසීමට පෝෂණ අංශය නිරතුරුවම ඇපකැප වී කටයුතු කරයි.

ජාතික පෝෂණ මාසය 2025

2025 වසරේ ජාතික පෝෂණ මාසය “එළවළු, පලතුරු සුවදෙයි නිරතුරු” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, සමරු උත්සවය 2025 ජුනි මස පළමු සතියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම උත්සවය කොළඹදී,  පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ පෝෂණය සම්බන්ධ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පැවැත්වීමට නියමිතය.

 

මෙවර සැමරුමේ තේමාව වන “එළවළු, පලතුරු සුවදෙයි නිරතුරු” තෝරාගෙන ඇත්තේ, ජනතාව අතර තිරසර සහ සෞඛ්‍ය වර්ධනයට සහය වන ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම වැඩිවෙමින් පවතින බැවිනි. මෙම අරමුණ ගෝලීය පෝෂණ ප්‍රමුඛතා සහ ශ්‍රී ලංකාවේ මන්දපෝෂණයේ ත්‍රිත්ව පැතිකඩ මෙන්ම බෝ නොවන රෝගවල වැඩිවන ප්‍රවණතා හමුවේ ඒ සඳහා වූ ජාතික වැඩපිළිවෙල සමග සමපාත වේ. මෙම තේමාව, එළවළු සහ පළතුරු නිතිපතා පරිභෝජනයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කිරීමට සහ ආහාර හා පෝෂණ ආරක්ෂණය සඳහා සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ

සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හා ජීවන රටාවන් වැඩි දියුණු කිරීම පිණිස, ප්‍රජාවේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් සාක්ෂි මත පදනම් ව සංස්කෘතික වශයෙන් යෝග්‍ය ලෙස ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සමුහයකි.

  1. වර්ණවත් හා විවිධත්වයෙන් යුතු ආහාර නියමිත ප්‍රමාණ වලින් දිනපතා ගන්න.
  2. පාහින ලද ධාන්‍ය හා නිෂ්පාදන වෙනුවටතැම්බූ හෝ නිවුඩු සහිත සහල් ඇතුළු කුරුට්ට සහිත ධාන්‍ය හා නිෂ්පාදන ආහාරයට ගන්න.
  3. දිනකට අවම වශයෙන් එළවළු වර්ග 2 ක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග 2 ක් ආහාරයට ගන්න.
  4. සෑම ආහාර වේලකටම පියළි ඇට වර්ගයක් සමඟ මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කළ මස් එකතු කරගන්න.
  5. නැවුම් දියර කිරි හෝ එවායේ මුහුන් යොදා මුදවන ලද නිෂ්පාදන ආහාරයට ගන්න.
  6. කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට හෝ බීජ වර්ග අහුරක් දිනපතා ආහාරයට ගන්න.
  7. කෑමට ලුණු එකතු කර ගැනීම හා ලුණු වැඩි කෑම ගැනීම සීමා කරන්න.
  8. පැණිබීම, බිස්කට්, කේක්, රසකැවිලි සහ සීනි ආදේශක සීමා කරන්න.
  9. වතුර සෞඛ්‍ය සම්පන්නම පානයයි: දවස පුරා වතුර වීදුරු 8 සිට 10 දක්වා (ලීටර් 5-2.0) පානය කරන්න.
  10. ක්‍රියාශීලී වන්න : අවම වශයෙන් සතියකට මිනිත්තු 150 – 300 අතර කාලයක් මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුතු ව්‍යායාම වල යෙදෙන්න.
  11. දිනකට එක දිගට පැය 7-8 ක වත් නින්දක් ලබාගන්න.
  12. පිරිසුදු සහ වස විස නැති ආරක්ෂිත ආහාර කෑමට ගන්න.
  13. නැවුම් හා නිවසේදීම පිළියෙළ කර ගත් ආහාර කෑමට ගන්න : සැකසූ හා අතිසැකසු (processed and ultra-processed) ආහාර සීමා කරන්න.
  14. කෑම ඇසුරුම් වල ඇති ලේබල හැමවිටම කියවන්න.

ඉදිරි වැඩසටහන්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ ඉදිරි වැඩසටහන්

සියල්ල කියවන්න

සියල්ල කියවන්න

ජාතික පෝෂණ මාසය

තේමාව - එළවළු, පලතුරු සුවදෙයි නිරතුරු!

වැඩිදුර කියවන්න

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න