පෝෂණය අංශය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු!
සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩ නැගීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රට පුරා දියත් කරන පෝෂණ වැඩසටහන් සම්බන්ධීකරණ කරනු ලබන්නේ, පෝෂණ අංශය මගිනි. අනෙකුත් අදාළ අමාත්‍යාංශ, ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම අංශය විසින් රට පුරා පෝෂණ වැඩසටහන් පවත්වනු ලබයි. ශ්‍රී ලාංකීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමෙහිලා ඉවහල් වන ජාතික පෝෂණ ප්‍රතිපත්තිය හා ඊට අදාළ උපායමාර්ග මෙන්ම, ඒ සඳහා වන මාර්ගෝපදේශ සකස් කර ක්‍රියාත්මක කිරීම මෙම අංශයේ ප්‍රමුඛ වගකීම් වේ. පෝෂණමය වශයෙන් ශක්තිමත් රටක් ගොඩ නැංවීම සඳහා සඳහා ලාංකික පුරවැසියන් හට සහය සැලසීමට පෝෂණ අංශය නිරතුරුවම ඇපකැප වී කටයුතු කරයි.
ජාතික පෝෂණ මාසය 2026
ශ්‍රී ලංකාව මේ වන විට විෂමපෝෂණයේ ත්‍රිත්ව ආකාරයකට මුහුණ දී සිටී. මන්දපෝෂණය, ක්ෂුද්‍ර පෝෂක ඌනතාවයන්, අධික බර/ ස්ථුලතාවය සහ ආහාර රටාවන්ට අදාළ බෝ නොවන රෝග එකිනෙක මුසුව පැවතීම මෙහි ලක්ෂණයකි. මෙම නැගී එන පෝෂණ අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, 2026 ජාතික පෝෂණ මාසය “කෙටි ආහාර ගැන නැවත සිතමු – සෞඛ්‍ය සම්පන්න, ස්වභාවික කෙටි ආහාර තෝරමු” යන තේමාව යටතේ සමරනු ලබයි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ සැකසූ සහ අතිසැකසූ කෙටි ආහාර (Processed and ultra-processed snacks) නිතර පරිභෝජනය කිරීම ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ සියලුම වයස් කාණ්ඩ පුරා සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීමයි. කෙටි ආහාර නිතර ගැනීම, විශේෂයෙන් සීනි, ලුණු සහ අහිතකර මේදය අධික ආහාර ගැනීම, අධික බර, ස්ථුලතාවය මෙන්ම දියවැඩියාව, හෘද වාහිනී රෝග සහ පිළිකා ඇතුළු බොහෝ බෝ නොවන රෝග සඳහා දායක විය හැකි බව සාක්ෂි මගින් පෙන්වා දෙයි.
2026 ජාතික පෝෂණ මාසය මඟින් අනවශ්‍ය ලෙස කෙටි ආහාර ගැනීම අවම කරන අතරම, සමබල සහ පෝෂ්‍යදායී ප්‍රධාන ආහාර වේල් සඳහා ප්‍රමුඛතාවය දීමට මහජනතාව දිරිමත් කරයි. කෙටි ආහාරයක් අවශ්‍ය වූ විට, පලතුරු, එළවළු, කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට හෝ බීජ වර්ග (Nuts), කඩල, කවුපි වැනි පියලි ඇට වර්ග (Pulses), තැම්බූ අල වර්ග සහ සීනි රහිත කිරි නිෂ්පාදන වැනි ස්වභාවික, අවම වශයෙන් සැකසූ සහ දේශීයව ලබාගත හැකි ආහාර සඳහා, සුදුසු ප්‍රමාණයන්ගෙන් (Portions) යුතුව ගැනීමට ප්‍රමුඛතාවය දිය යුතුය. ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන්, පෝෂණ අධ්‍යාපන ක්‍රියාකාරකම් සහ බහු-අංශීය සහයෝගීතාවය තුළින්, වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර තේරීම් ප්‍රවර්ධනය කිරීමටත්, පරිවෘත්තීය සෞඛ්‍යය (Metabolic health) වැඩිදියුණු කිරීමටත්, පෝෂණය ආශ්‍රිත රෝග වළක්වා ගැනීමට සහය වීමටත් මෙම පෝෂණ මාසය පුරා දියත් කරන වැඩසටහන් වලින් අපේක්ෂා කරයි. එමඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී ශ්‍රී ලාංකික ජනතාවක් බිහිකිරීම උදෙසා දායකත්වයක් සැපයෙනු ඇත.
ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ
සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හා ජීවන රටාවන් වැඩි දියුණු කිරීම පිණිස, ප්‍රජාවේ ආහාර හා පෝෂණය, සෞඛ්‍ය හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් සඳහා පදනම සකස් කිරීමේ අරමුණින් සාක්ෂි මත පදනම් ව සංස්කෘතික වශයෙන් යෝග්‍ය ලෙස ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සමුහයකි.
- වර්ණවත් හා විවිධත්වයෙන් යුතු ආහාර නියමිත ප්‍රමාණ වලින් දිනපතා ගන්න.
- පාහින ලද ධාන්‍ය හා නිෂ්පාදන වෙනුවටතැම්බූ හෝ නිවුඩු සහිත සහල් ඇතුළු කුරුට්ට සහිත ධාන්‍ය හා නිෂ්පාදන ආහාරයට ගන්න.
- දිනකට අවම වශයෙන් එළවළු වර්ග 2 ක්, පලා වර්ගයක් සහ පලතුරු වර්ග 2 ක් ආහාරයට ගන්න.
- සෑම ආහාර වේලකටම පියළි ඇට වර්ගයක් සමඟ මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කළ මස් එකතු කරගන්න.
- නැවුම් දියර කිරි හෝ එවායේ මුහුන් යොදා මුදවන ලද නිෂ්පාදන ආහාරයට ගන්න.
- කජු, රට කජු, තල වැනි තෙල් සහිත ඇට හෝ බීජ වර්ග අහුරක් දිනපතා ආහාරයට ගන්න.
- කෑමට ලුණු එකතු කර ගැනීම හා ලුණු වැඩි කෑම ගැනීම සීමා කරන්න.
- පැණිබීම, බිස්කට්, කේක්, රසකැවිලි සහ සීනි ආදේශක සීමා කරන්න.
- වතුර සෞඛ්‍ය සම්පන්නම පානයයි: දවස පුරා වතුර වීදුරු 8 සිට 10 දක්වා (ලීටර් 5-2.0) පානය කරන්න.
- ක්‍රියාශීලී වන්න : අවම වශයෙන් සතියකට මිනිත්තු 150 – 300 අතර කාලයක් මධ්‍යස්ථ තීව්‍රතාවයෙන් යුතු ව්‍යායාම වල යෙදෙන්න.
- දිනකට එක දිගට පැය 7-8 ක වත් නින්දක් ලබාගන්න.
- පිරිසුදු සහ වස විස නැති ආරක්ෂිත ආහාර කෑමට ගන්න.
- නැවුම් හා නිවසේදීම පිළියෙළ කර ගත් ආහාර කෑමට ගන්න : සැකසූ හා අතිසැකසු (processed and ultra-processed) ආහාර සීමා කරන්න.
- කෑම ඇසුරුම් වල ඇති ලේබල හැමවිටම කියවන්න.
ජාතික පෝෂණ මාසය 2025
- අවසන්
-
ස්ථානයබත්තරමුල්ල Watersedge හෝටලය
2025 ජාතික පෝෂණ මාසය සැමරීම 2025 ජුනි 11 වන දින බත්තරමුල්ල Watersedge හෝටලයේදී පැවැත්වේ. ...
වැඩිදුර කියවන්න
ජාතික පෝෂණ මාසය 2022
- අවසන්
-
ස්ථානයශ්රවණාගාරය, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය
පෝෂණ මාසය 2022 තේමාව වන්නේ "අඩු වියදමින් පෝෂණය : දැනගමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු" යන්න වන අතර වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ දුර්වලතා මඟහරවා ගැනීම ප්‍රධාන අරමුණයි. ...
වැඩිදුර කියවන්න
ජාතික පෝෂණ මාසය 2021
පවුල් සෞඛ්‍ය කාර්යංශය, ද සේරම් පෙදෙස, කොළඹ- අවසන්
-
ස්ථානයශ්රවණාගාරය, පවුල් සෞඛ්‍ය කාර්යංශය
2021 පෝෂණ මාසය “නිසි පෝෂණයෙන් රැකවරණය” යන තේමාවෙන් පැවැත්වේ. COVID 19 වසංගත සමයේ පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් නිසි පෝෂණයක් ලැබීම අවධාරණය කරයි. ...
වැඩිදුර කියවන්න
ආරම්භක වෙබ් අඩවිය දියත් කිරීම
බණ්‌ඩාරනායක ජාතික අනුස්‌මරණ පදනම. බෞද්ධෝකා මාවත, කොළඹ 07- අවසන්
-
ස්ථානයBMICH
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය පෝෂණ අංශයයි. අපගේ වෙබ් අඩවිය දියත් කිරීම 2020 දෙසැම්බර් 10.... ...
වැඩිදුර කියවන්න
ජාතික පෝෂණ ප්‍රතිපත්තිය
- අවසන්
-
ස්ථානය
විවිධාංගීකරණය වූ සුරක්ෂිත ආහාර ප්‍රමාණවත් ලෙස දිනපතා භාවිතා කිරීමත් සමඟ ජනගහනයේ ආහාර අවශ්‍යතා සපුරාලීම තුළින් රටේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ළඟා කර ගත යුතුය ... ...
වැඩිදුර කියවන්න
වැඩිහිටි පෝෂණය
- අවසන්
-
ස්ථානය
“නේවාසික රැකවරණය සඳහා වන ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිති”, “වැඩිහිටි පුද්ගලයින් සඳහා නේවාසික රැකවරණය සඳහා ජාතික පෝෂණ තත්ත්ව ප්‍රමිති ක්‍රියාත්මක ... ...
වැඩිදුර කියවන්නශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?
ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න
