Menu

  • නිර්දේශ සකස් කිරීම සඳහා, රෝහල්වලින් රෝගීන්ට ලබාදෙන ආහාර පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
  • බෝ නොවන රෝග ඒකකය හා අත්වැල් බැඳ ගනිමින්, රෝග පදනම් කරගත්  පෝෂණ මාර්ගෝපදේශ හා ප්‍රමිතීන් සකස් කිරීම.
  • සුලබ රෝග සම්බන්ධයෙන් පෝෂණ කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම.
  • හදිසි තත්වයන්වලදී  ආහාර හා පෝෂණය සම්බන්ධ මාර්ගෝපදේශ සකස් කිරීම හා  මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුම සහ හැකියාව වැඩි දියුණු කිරීම.
  • අනෙකුත් පාර්ශවකරුවන් හා සහයෝගය ඇතිව, පෝෂණයට අදාළ විද්‍යාත්මක තොරතුරු සම්බන්ධයෙන් දැනට පවත්නා උපායමාර්ග, මාර්ගෝපදේශ හා චක්‍රලේඛ යාවත්කාලීන කිරීම හා අවශ්‍ය සංශෝධන සිදු කිරීම. එලෙස වැඩි දියුණු කළ මාර්ගෝපදේශ බෙදාහැරීම.
Upcoming programs
Past programs

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න