Menu

FBDG 2

පාහින ලද ධාන්‍ය හා නිෂ්පාදන වෙනුවටතම්බපු හෝ නිවුඩු සහිත සහල් ඇතුළු කුරුට්ට සහිතධාන්‍ය  හා නිෂ්පාදන ආහාරයට ගන්න

සහල් වලට අමතරව ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන අනෙකුත් ධාන්‍ය  වර්ග වන්නේ කුරක්කන්, බඩ ඉරිඟු සහ තිරිඟු ය.  ධාන්‍ය වර්ග, අනෙකුත් පිෂ්ඨය සහිත ආහාර (උදා: අල වර්ග , කොස්, දෙල්) සහ ඒවායේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් සපයන අතර ඒවා දෛනික ශක්ති අවශ්‍යතාවයෙන් 55% - 65% දක්වා සැපයිය යුතුය.

  • පාහින ලද ධාන්‍ය සහ ඒවායේ නිෂ්පාදන සැකසීමේදී, බොහෝ පෝෂක ප්‍රමාණයක් ඉවත් වන නිසා, තම්බන ලද හෝ අඩුවෙන් පාහින ලද සහල් ඇතුළු කුරුට්ට සහිත ධාන්‍ය මගින් වැඩි ක්ෂුද්‍ර පෝෂක ලබා දෙයි.
  • ධාන්‍ය සහ පිෂ්ඨය සහිත ආහාර පිඟානෙන් අඩක් බෙදා ගැනීම ප්‍රමාණවත් අතර නිරෝගී වැඩිහිටියකු සඳහා ‘ආහාර ප්‍රමාණයන’ 8 -13 අතර සෑහේ (ප්‍රමාණ 1ක් = මිලිලීටර් 200 කෝප්පයෙන් ½ ටය). මෙම ප්‍රමාණය පුද්ගලයාගේ ස්ත්‍රී /පුරුෂ භාවය, ශාරීරික ක්‍රියාකාරී මට්ටම සහ කායික තත්වය මත ප්‍රමාණ ගණන තීරණය වේ.
  • දිනකට නිර්දේශිත ධාන්‍ය සහ පිෂ්ඨය සහිත ආහාර, ප්‍රධාන ආහාර වේල් 3 අතර බෙදා හැරීම වැදගත් වේ.
  • බත් සමග වෙනත් පිෂ්ඨමය ආහාර (උදා: තම්බපු අල වර්ග, කොස්, දෙල් ආදිය ) ගන්නේනම් ඊට සමානුපාතිකව බත් ප්‍රමාණය අඩු කල යුතුයි.

 

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න