Menu

FBDG 3

දිනකට අවම වශයෙන් එළවළු වර්ග 2 ක්, පළා වර්ගයක් සහ පලතුරු වර්ග 2 ක් ආහාරයට ගන්න.

විශාල විවිධත්වයකින් යුතු එළවළු සහ පලතුරු, වසර පුරාම ශ්‍රී ලාංකිකයන්ට උරුම වන අතර  ඉන් සමහරක් වසරේ යම් කාල සීමාවල හෝ  සමහර ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබේ. සෑම පලතුරක් සහ එළවළුවක්ම රසය, වර්ණය සහ වයනය අනුව එකිනෙකට වෙනස් වේ.  ඒවා විටමින්, ඛනිජ ලවණ  සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.  පලතුරු සහ එළවළු සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් ලෙස පරිභෝජනය කළ හැකි අතර සමහර ඒවායේ ඖෂධීය ගුණ ද  ඇත (උදා: කරවිල, තෙබු කොළ).

අවම වශයෙන් දිනකට එළවළු, පලා වර්ග සහ පලතුරු ග්‍රෑම් 400ක් වත් පරිභෝජනය කිරීමෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් විටමින්, ඛනිජ ලවණ සහ තන්තු ලැබේ.

  • එළවලු ප්‍රමාණ 2 - 4 ද පලාවර්ග ප්‍රමාණ 1ක් ද (ප්‍රමාණ 1 = මේස හැඳි 3 ) පලතුරු ප්‍රමාණ 2 -4 ද (ප්‍රමාණ 1 = මධ්‍යම ප්‍රමාණයේ පළතුරක් හෝ ග්‍රෑම් 100ක් ) දිනකට පරිභෝජනය කිරීමෙන් පෝෂ්‍ය පදාර්ථ වල සෞඛ්‍ය සම්පන්න මිශ්‍රණයක් ලබා ගත හැකිය.
  • විවිධ පාටින් වර්ණවත් වූ එළවලු සහ පලතුරු දෛනික ආහාර වේලට එක්කර ගැනීමෙන් විවධත්වය වැඩි කරන අතර වැඩි පෝෂක ප්‍රමාණයක් ලබා දේ.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න