FBDG 13
නැවුම් හා නිවසේදීම පිළියෙළ කර ගත් ආහාර කෑමට ගන්න: සැකසූ හා අතිසැකසු (processed and ultra processed) ආහාර සීමා කරන්න
ලුණු, සීනි සහ අහිතකර මේදය (සංතෘප්ත සහ ට්‍රාන්ස් මේදය) අඩුවෙන් එක් කරමින්, නැවුම් ද්‍රව්‍ය යොදා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ආහාර නිවසේදීම පිළියෙළ කල හැකිය. තම මනාපය අනුව ව්‍යංජන, සුප්, මැල්ලුම්, අච්චාරු, බීම හා අතුරුපස ලෙස විවිධ ආකාරයෙන් මේවා සකස් කර ගැනීමට ද හැකිය.
- හැකි සෑම විටම ස්වභාවික අමුද්‍රව්‍ය (උදා: කුළුබඩු, දෙහි යුෂ, ඔසු පැළෑටි ) යොදා ගෙන ආහාර පිළියෙළ කිරීමත් කෘතීම ආකලන යෙදීමෙන් වැළකීමත් අවශ්‍යය.