ජාතික පෝෂණ මාසය 2021
පවුල් සෞඛ්‍ය කාර්යංශය, ද සේරම් පෙදෙස, කොළඹ - Get directionsමෙවර ජාතික පෝෂණ මාසය 2021 , “නිසි පෝෂණයෙන් රැකවරණය”යන තේමාව යටතේ COVID 19 වසංගත සමයේදී වඩාත් වැදගත් වන සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම තුළින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි සමතුලිතතාවය පවත්වා ගැනීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම, අවධාරණය කිරීම උදෙසා පැවැත්වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර මගින් බඩවැල්වල ප්‍රතිශක්තිකරණ ආරක්ෂක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කරයි, ප්රදාහමය ප්‍රතිචාර අඩු කරයි. එමෙන්ම ප්‍රතිශක්තිකරණ සෛලවල නිසි ක්‍රියාකාරිත්වය සහතික කරයි. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම දියවැඩියාව, පිළිකා සහ හෘද වාහිනී රෝග වැනි ආහාර ආශ්රිත බෝ නොවන රෝග වල අවදානම වැඩි කරයි, ප්‍රදාහයන් ප්‍රවර්ධනය කරයි. ඇතැම් සමහර ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.
ශ්‍රී ලාංකිකයන් සඳහා වන ආහාර පණිවුඩ පදනම් කරගත් ආහාර මාර්ගෝපදේශ (FBDGs) සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීම සඳහා ආහාර ගැනීම සහ ජීවන රටාව පවත්වා ගැනීමට යෝග්‍ය පොදු වයස් කාණ්ඩ සඳහා පණිවුඩ 14ක් ද, වයස 10 ට අඩු පිරිස වෙත පණිවුඩ 04ක් ද, වන පරිදි සංස්කෘතික වශයෙන් අප රටට වඩාත් යෝග්‍ය මාර්ගෝපදේශ සපයනු ලබයි. 2021 ජාතික පෝෂණ මාසය තුළ සමස්ත සෞඛ්‍යයට සහ ප්‍රතිශක්තියට දායක වන ප්‍රධාන පණිවිඩ පහක් අවධාරණය කෙරේ. ඒවා පහත පරිදි වේ;
-
වර්ණවත් හා විවිධත්වයෙන් යුතු ආහාර නියමිත ප්‍රමාණවලින් දිනපතා ගන්න
-
පාහින ලද ධාන්‍ය සහ නිෂ්පාදන වෙනුවට තම්බන ලද හෝ නිවුඩු සහිත සහල් ඇතුළු කුරුට්ට සහිත ධාන්‍ය හා නිෂ්පාදන ආහාරයට ගන්න
-
දිනකට අවම වශයෙන් එළවළු වර්ග දෙකක්, පළා වර්ගයක් සහ පලතුරු දෙකක් ආහාරයට ගන්න
-
සෑම ආහාර වේලකටම පියළි ඇටවර්ගයක් සමග, මාළු හෝ බිත්තර හෝ තෙල් කොටස් ඉවත් කළ මස් එකතු කර ගන්න
-
පැණිබීම, බිස්කට්, කේක්, රසකැවිලි සහ සීනි ආදේශක සීමා කරන්න
වැඩි විස්තර සඳහා කරුණාකර 011-2368320/21/23 හෝ nutritiondivision@health.gov.lk විද්‍යුත් තැපෑලෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය අමතන්න.