Menu

ජාතික පෝෂණ ප්‍රතිපත්තිය

- Get directions

ශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ප්‍රථම වරට සකසන ලද්දේ 1986 වසරේදී වන අතර, එහි වරින් වර සංශෝධන කීපයක් සිදු කරන ලදී. මෑත කාලයේ දී  රටේ සමාජ ආර්ථික තත්ත්වයේ බොහෝ වෙනස්කම් සිදු වූ නමුත් පසුගිය දශක දෙක තුළ, විෂමපෝෂණය හා සම්බන්ධ නිර්ණායකයන් හි සැලකිය යුතු ධනාත්මක වෙනසක් පෙන්නුම් නොකෙරේ.  මෑත කාලීන විද්‍යාත්මක සාක්ෂි මගින් පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා සියළු වයස් කාණ්ඩ ඉලක්ක කර ගත් ජීවන චක්‍ර ප්‍රවේශය හරහා සිදු කරන  ඉලක්කගත ඍජු හා වක්‍ර පෝෂණ මැදිහත්වීම් වල වැදගත්කම පෙන්වා දී ඇත.

සංශෝධිත ජාතික පෝෂණ ප්‍රතිපත්තිය, විවිධ පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් නිර්මාණය කරනු ලද අතර සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සහතික වෙනුවෙන් බලවත් ලෙස කැප වූ දේශපාලන සහ සමාජීය නායකත්වයක්, සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන අංශ අතර මනා සහයෝගිතාවයක් ගොඩනැගීම මෙන්ම සෞඛ්‍යමත් ආහාර පුරුදු හා ආදායම් මාර්ග විධිමත් ව කළමනාකරණය කිරීම ගෘහ මට්ටමින් පුරුදු පුහුණු කිරීම පිණිස සමාජ චර්යා වෙනස් කිරීම සඳහා වූ සන්නිවේදනය ක්‍රමවේදයන් හි වැදගත්කම ඉස්මතු කරයි.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න