Menu

FBDG 9

වතුර සෞඛ්‍ය සම්පන්නම පානයයි: දවස පුරා විදුරු 8-10ක් (ලීටර් 1.5 – 2.0) බොන්න

ජලය මිනිසුන්ට සුදුසුම පානය වන අතර, එය සෑම දෙනෙකුටම පාහේ  පහසුවෙන් ලබා ගත හැකිය. එහි කැලරි රහිත ය. අපගේ ශරීරයේ බොහෝ අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් වලදී ජලය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

  • පානීය ජලය පිරිසිදු සහ ආරක්ෂාකාරී විය යුතුයි.
  • ජලය හැරුණු විට, තැඹිලි වතුර, ඖෂධීය බීම, සීනි එකතු නොකළ තේ හා නැවුම් පලතුරු යුෂ වැනි දියර ද ශරීරයට දෛනිකව අවශ්‍ය දියර ප්‍රමාණය ලබා ගැනීම සඳහා උපකාරී වේ.
  • ප්‍රමාණවත් පරිදි ජලය පානය කර ඇත්නම්, පිපාසය නොදැනෙන අතර මුත්‍රා ළා පැහැයක් ගනී.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න