Menu

ජාතික පෝෂණ මාසය 2022

- Get directions

“අඩු වියදමින් පෝෂණය : දැනුවත් වෙමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු”

ජාතික පෝෂණ මාසය, සෞඛ‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශ‍ය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අතර 2022 ඔක්තෝම්බර් මාසය මෙම වසරේ ජාතික පෝෂණ මාසය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

“අඩු වියදමින් පෝෂණය : දැනුවත් වෙමු, ආදේශක සොයමු, වවමු, බෙදාගමු” යන තේමාව තෝරාගෙන ඇති අතර වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ දුර්වලතා මඟහරවා ගැනීම ප්‍රධාන අරමුණයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පෝෂණ අවධානම මඟහරවා ගැනීම සඳහා ජාතික පෝෂණ මාසය තුළදී දැනුවත් කීරීමට පෝෂණ අංශ‍ය සැලසුම් කරයි.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න