Menu

ආරම්භක වෙබ් අඩවිය දියත් කිරීම

බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම. බෞද්ධෝකා මාවත, කොළඹ 07 - Get directions

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණය හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය පෝෂණ අංශයයි. අපගේ වෙබ් අඩවිය 2020 දෙසැම්බර් 10 වන දින දියත් කිරීමට ලැබීම සතුටට කරුණකි. මෙම මාර්ගගත වේදිකාව ශ්‍රී ලංකාවෙන් ඔබ්බට වුවද පුළුල් පරාසයක පිරිසක් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර තේරීම් ප්‍රවර්ධනය කරන විශ්වාසදායක තොරතුරු ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනු ඇත.

මෙම වෙබ් අඩවිය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් තිළින කරන ලද්දකී.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න