FBDG 11
දිනකට එක දිගට පැය 7-8 ක වත් නින්දක් ලබාගන්න.
නින්ද යනු පාරිසරික උත්තේජක සඳහා (අවට පරිසරයේ සිදුවන දේ පිළිබඳ) ශරීරයේ දැනුවත්භාවය පහළ මට්ටමක පවතින අවස්ථාවක් වන අතර, එය ශාරීරික හා මානසික යහපැවැත්ම සහතික කරයි.
- හොඳ නින්දක් ලබා ගැනීම සඳහා ඔබගේ දෛනික කටයුතු හා නිදා ගැනීමේ කාල රාමුව නිසි ලෙස සකසා ගන්න.
- ආහාර ගත් විගස නින්දට යාමෙන් වලකින්න.
- අවම වශයෙන්, නිදා ගැනීමට පැයකට කලින්වත් ඩිජිටල් තිර නැරඹීම නතර කරන්න.
- සවස් කාලයේදී මත්පැන් පානය, දුම්බීම හා කැෆෙන් සහිත පාන වර්ග ගැනීමෙන් වලකින්න.