Menu

FBDG 5

නැවුම්කිරි හෝ මුදවන ලද නැවුම්  කිරි නිෂ්පාදන  ආහාරයට ගන්න

නැවුම් දියර කිරි හෝ ඒවායේ මුහුන් යොදා මුදවන ලද නිෂ්පාදන දිනපතා ආහාර වේලට අත්‍යාවශ්‍ය අංගයක් නොවේ. එසේ වුවද, නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් ඔබගේ මනාපය අනුව ගත් විට ඒවා ආහාර විවිධත්වය වැඩි කිරීමට එය  දායක වේ.

  • අඩු මේද හෝ මේදය රහිත නැවුම් දියර කිරි හෝ ඒවායේ මුහුන් යොදා මුදවන ලද නිෂ්පාදන පරිභෝජනය කිරීම වඩා යෝග්‍යය.
  • රසකාරක සහ වර්ණක යොදා රස ගැන්වූ කිරි, යෝගට්, යෝගට් පානයන් සහ ටින් කිරි පරිභෝජනය සීමා කරන්න.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI) යනු කුමක්ද?

ශරීර ස්කන්ධ දර්ශකය (BMI)  යනු, ඔබේ සිරුරේ බර මට්ටම සෞඛ්‍ය සම්පන්න ලෙස පවතින්නේ ද නැද්ද යන්න දැනගැනීම සඳහා ඔබේ උසට සරිලන බර මැනීමේ ක්‍රමයයි. වැඩිහිටියකුගේ බර දැක්වෙන කිලෝ ග්‍රෑම් ප්‍රමාණය, ඔහුගේ උසෙහි වර්ග මීටර ගණනින් බෙදා ශරීර ස්කන්ධ දර්ශකය දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය 25 යනුවෙන් අදහස් කරන්නේ, 25 kg/m2 වේ. වැඩිදුර කියවන්න