ජාතික පෝෂණ ප්‍රතිපත්තිය
- Get directionsශ්‍රී ලංකාවේ ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ප්‍රථම වරට සකසන ලද්දේ 1986 වසරේදී වන අතර, එහි වරින් වර සංශෝධන කීපයක් සිදු කරන ලදී. මෑත කාලයේ දී රටේ සමාජ ආර්ථික තත්ත්වයේ බොහෝ වෙනස්කම් සිදු වූ නමුත් පසුගිය දශක දෙක තුළ, විෂමපෝෂණය හා සම්බන්ධ නිර්ණායකයන් හි සැලකිය යුතු ධනාත්මක වෙනසක් පෙන්නුම් නොකෙරේ. මෑත කාලීන විද්‍යාත්මක සාක්ෂි මගින් පෝෂණ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා සියළු වයස් කාණ්ඩ ඉලක්ක කර ගත් ජීවන චක්‍ර ප්‍රවේශය හරහා සිදු කරන ඉලක්කගත ඍජු හා වක්‍ර පෝෂණ මැදිහත්වීම් වල වැදගත්කම පෙන්වා දී ඇත.
සංශෝධිත ජාතික පෝෂණ ප්‍රතිපත්තිය, විවිධ පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් නිර්මාණය කරනු ලද අතර සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව සහතික වෙනුවෙන් බලවත් ලෙස කැප වූ දේශපාලන සහ සමාජීය නායකත්වයක්, සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන අංශ අතර මනා සහයෝගිතාවයක් ගොඩනැගීම මෙන්ම සෞඛ්‍යමත් ආහාර පුරුදු හා ආදායම් මාර්ග විධිමත් ව කළමනාකරණය කිරීම ගෘහ මට්ටමින් පුරුදු පුහුණු කිරීම පිණිස සමාජ චර්යා වෙනස් කිරීම සඳහා වූ සන්නිවේදනය ක්‍රමවේදයන් හි වැදගත්කම ඉස්මතු කරයි.