වැඩිහිටි පෝෂණය
- Get directions‘ප්‍රජාව තුළ වෙසෙන වයස්ගත පුද්ගලයන් සහ ඔවුන් රැකබලා ගන්නන් උදෙසා පෝෂණය පිළිබඳ මාර්ගෝපදේශය’, ‘නේවාසික වයස්ගත පුද්ගලයින්හට රැකවරණය සලසන ආයතන සඳහා වූ ජාතික පෝෂණ ගුණාත්මක ප්රමිතීන්’ සහ ‘නේවාසික වයස්ගත පුද්ගලයින්හට රැකවරණය සැලසීම පිළිබඳ ජාතික පෝෂණ ගුණාත්මක ප්රමිතීන් ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ’ යන ප්‍රකාශන ත්‍රිත්වය, සිඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින ශ්‍රී ලාංකික වයස්ගත ප්‍රජාවගේ පෝෂණය සහ යහපැවැත්ම පිලිබඳ මූලික අවධානය යොමු කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක බව ඉහල නැංවීමේ අරමුණු ඇතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය මගින් එළිදක්වන ලදී. මෙම ප්රකාශනයන්, වයස්ගත පුද්ගලයින් හට පරිපුර්ණ සහ නිවැරිදි පෝෂණ රැකවරණය සැලසීම සඳහා වගකීම දරණ සියලුම පාර්ශවකරුවන් වෙත ලැබීමට සලස්වනු ඇත.